ගංවතුර බැස යයි: 'කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ'
දින කීපයක් පුරා ගංවතුරෙන් යට වී තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජලය බැස යමින් පවතියි.
කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර බැස ගිය ප්‍රදේශවල ජනතාව සිය නිවාස සහ ව්‍යාපාර ස්ථානවලට නැවත පැමිණ ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරත වී සිටිති.
ගංවතුරට යට වීමෙන් සිය වෙළඳසැලේ තිබූ සියලුම ද්‍රව්‍ය විනාශ වී ඇති බවයි කොළඹ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල් හිමිකරුවකු වන ෆයිස් කියා සිටියේ.
කැළණි ගඟේ ජල මට්ටම පහත යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන අතර, දිවයින පුරා ප්‍රදේශ ගණනාවක පැවති ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අනූ දෙක දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
තවත් එකසිය නව දෙනකු තවමත් අතුරුදහන් වී සිටින බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
අවතැන් වූ එක් ලක්ෂ අසූ පන්දහසකට අධික පිරිසක් තවමත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළ රැඳී සිටින බව බලධාරීහු පවසති.