ජාති ආගම් අමතක කළ සහන මෙහෙයුම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාති ආගම් අමතක කළ සහන මෙහෙයුම්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායට උපකාර කිරීම පිණිස අගනුවරවාසීහු විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටිති.

තැනෙක අවතැන් වූවන් වෙනුවෙන් ආහාර පිසෙන අතර, තවත් තැනෙක උන් හිටි තැන් අහිමි වූ පාසල් දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ උත්සාහයක යෙදෙන පිරිසකි.

සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ ආහාර අවශ්‍යතා සපුරා දීමේ මහඟු කාර්යයේ නිරත වූ කණ්ඩායම් දෙකක් බීබීසී සිංහල සේවයේ කැමරා කාචයට හසු වූයේ මෙලෙසින්.