පුබුදු ජාගොඩ, සුජිත් කුරුවිට අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, Frontline Socialist Party/FB
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ සහ එම පක්ෂයේ සාමාජික සුජිත් කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මීට පෙර ශ්‍රී ලංකාවේ ආගමන නීති කඩ කිරීමේ චෝදනා මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි.
ඉන් අනතුරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 01 වනදා කොළඹ ආගමන විගමන කාර්යාලය ඉදිරියට ගොස් කුමාර් ගුණරත්නම්ට පුරවැසි අයිතිය පවරන මෙන් ඉල්ලා උද්ඝෝෂණ කළහ.
එහිදී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති වූ අතර ආගමන විගමන කාර්යාල ගොඩනැගිල්ලට අලාභහානී සිදු කිරීම සම්බන්ධයෙන් පුබුදු ජාගොඩ සහ සුජිත් කුරුවිට අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මීට ඉහතදී සංදේශයට කියා සිටියේ ප්‍රචණ්ඩ ආකාරයට හැසිරුණේ තමන් නොව පොලිසිය බවයි.