පුබුදු ජාගොඩ, සුජිත් කුරුවිටට ඇප

ඡායාරූප මූලාශ්‍රය, Frontline Socialist Party
ආගමන විගමන කාර්යාල ගොඩනැගිල්ලට අලාභහානී සිදු කළ බවට පුබුදු ජාගොඩ සහ සුජිත් කුරුවිට වෙත චෝදනා එල්ල විය
ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට අලාභ හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් ඇප මත මුදා හැර තිබේ.
ශ්‍රී ලංකාවේ ආගමන නීති කඩ කිරීමේ චෝදනා මත පසුගිය වසරේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි.
ඉන් අනතුරුව එම පක්ෂයේ කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 01 වනදා කොළඹ ආගමන විගමන කාර්යාලය ඉදිරියට ගොස් කුමාර් ගුණරත්නම්ට පුරවැසි අයිතිය පවරන මෙන් ඉල්ලා උද්ඝෝෂණ කළහ.
එහිදී හට ගත් ප්‍රචණ්ඩකාරී තත්වය අතරතුර ආගමන විගමන කාර්යාල ගොඩනැගිල්ලට අලාභහානී සිදු කළ බවට පුබුදු ජාගොඩ සහ සුජිත් කුරුවිට වෙත චෝදනා එල්ල වී තිබේ.

පුබුදු ජාගොඩ, සුජිත් කුරුවිට අත්අඩංගුවට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජාගොඩ සහ එම පක්ෂයේ සාමාජික සුජිත් කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි.