'යළි යළිත් ඇස් තෙත් වෙයි, රිදෙයි': අවතැන්වූවකුගේ සටහන්

උඩු මහලක් නොවුණු බැවින් කළ හැකිව තිබුණේ ලී බඩු මත අනෙකුත් බඩුමුට්ටු පැටවීම පමණි.
ඡායාරූප ශීර්ෂ වැකිය,

උඩු මහලක් නොවුණු බැවින් කළ හැකිව තිබුණේ ලී බඩු මත අනෙකුත් බඩුමුට්ටු පැටවීම පමණි.

පසුගියදා ශ්‍රී ලංකාව පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් දිස්ත්‍රික්ක ගණනාවක ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පීඩාවට පත් වූ අතර, දහස් සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමි විය. අගනුවර නිවහනක වෙසෙන අතරවාරයේ ගංවතුරට කොටු වූ මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ සිය අත්දැකීම බීබීසී සංදේශය වෙත සටහන් කළේ මෙලෙසින්.

මා කොටිකාවත්ත නාගහවෙල පාරේ රදන්වත්ත ප්‍රදේශයට ආගන්තුකයෙක් වෙමි. මාස දෙකකට ආසන්න අත්දැකීම් එකතුවට අනුව වර්ෂාවෙන් වැනසෙන්නට තරම් හේතුවක් එහි ඇති විය නොහැක.

'89 තමයි ආවෙ ඊට පස්සෙ නැහැ' සැවොම ඇති කළ විශ්වාසය පළුදු කරමින් මාගේ දොරකඩින් සැඩ දිය ඇතුළු වන විට අප සිටි ප්‍රදේශය අවට තත්ත්වය වඩාත් දරුණු වී හමාරය.

එකිනෙකාට උදව් කර ගනිමින් බඩු භාණ්ඩ සහ ජීවිත බේරා ගන්නට දරන වෑයමට හවුල් වනවා මිස මා හට කළ හැකි කිසිවක් නොවුණි.

උඩු මහලක් නොවුණු බැවින් කළ හැකිව තිබුණේ ලී බඩු මත අනෙකුත් බඩුමුට්ටු පැටවීම පමණි.

ගංවතුර අත්දැකීමක් නොමැති මට එය නිෂ්ඵල ක්‍රියාවක් බව අවබෝධ වන විට ජල මට්ටම ගැන මා තුළ තිබූ හැඟීම ද වැරදී තිබිණ. එහෙත් කළ හැකි කිසිවක් නොමැත.

ඒ මොහොතේ මා වෙත ලැබුණු දුරකථන ඇමතුමකින් පැවසුණේ සිසිර යාපා සහ අසේල මල්ලි මා සොයා පැමිණ තිබෙන බවයි.

කරන්නට තිබෙන්නේ ඔවුන් හමු වී උපකාරයක් ලැබීම පමණක් නිසා ඉදිරි නිවසේ හිතවතා සමඟ මා කරවටක් වතුරේ සැඩ පහර සමඟ ගැටෙමින් කඹයක එල්ලී ගොස් සිසිරලා මුණ ගැසුණෙමි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

න ගණනාවක් ගංවතුර සමඟ ඔට්ටු වෙමින් ඉන් ඉවත් වීමට දැරූ උත්සාහය යථාර්ථයක් කර ගන්නට මැදිහත් වූයේ බ්‍රිගේඩියර් බණ්ඩාරය.

ලැබුණු වියලි ආහාර වර්ග මෙන්ම යාර දහයක ටෙන්ට් රෙද්දද රැගෙන පැමිණි මම, පළමුව ටෙන්ට් රෙද්ද රැගෙන වහල මතට ගොඩ වුණෙමි.

එය හතර අතට ඇද පටලවා ගෙන පහළට බැස අසුවුණු ලී බඩු සහ අඳුරේ අසු වූ දේ ඉහළට දැමුවේය.

ගං වතුර බැස ගිය පසුව ඉතිරිව තිබුණේ එසේ ටෙන්ට් රෙද්ද මත පැටවූ දෑ පමණි.

දියණියගේ ඇස් කඳුළෙන් තෙත් කර වීම නවතන්නට සමත් ඇයගේ සහතික පත් ගොන්නද ඒ අතර තිබීම මහත් භාග්‍යයකි.

දින ගණනාවක් ගංවතුර සමඟ ඔට්ටු වෙමින් ඉන් ඉවත් වීමට දැරූ උත්සාහය යථාර්ථයක් කර ගන්නට මැදිහත් වූයේ බ්‍රිගේඩියර් බණ්ඩාරය.

යුධ හමුදා බෝට්ටුවකින් ඔහු, අප පිටතට රැගෙන යාමට සමත් විය. ඊට පෙර ගුවන් හමුදාව සහ නාවික හමුදාවද ඒ සඳහා උත්සාහ කළහ.

මාධ්‍ය මිතුරන් සහ සමාජයේ දැන හඳුනා ගත්තවුන්ද, මා ඇතුළු පවුලේ සාමාජිකයන් ගංවතුරෙන් ගොඩ ගැනීමට සෑහෙන වෙහෙසක් දැරූ බව සිහි කළ යුතුය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දුරකථනය ක්‍රියාත්මක කිරීමට හැකි වූ මොහොතේ සිටම බොහෝ දෙනෙක් කතා කරන්නට විය. බොහෝ දෙනෙක් මා බලන්නට ද පැමිණියහ

ඒ අතර දිනුක් කොළඹගේ, බ්‍රිගේඩියර් බණ්ඩාර හරහා ගත් උත්සාහය සාර්ථක විය.

පිටතට පැමිණි පසු යාමට තැන් බොහෝ තිබිණ. ඇරයුම් අපමණය. නමුත් අප තෝරා ගත්තේ සිදත් ප්‍රනාන්දුගේ හිඹුටු උයනේ පිහිටි නිවසයි.

දුරකථනය ක්‍රියාත්මක කිරීමට හැකි වූ මොහොතේ සිටම බොහෝ දෙනෙක් කතා කරන්නට විය. බොහෝ දෙනෙක් මා බලන්නටද පැමිණියහ.

මා පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට මිතුරු සත්කාරයන් ඉහළින්ම ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇත.

මිනිසුන් පරාජය කරන්නට ස්වභාව ධර්මයට හෝ පහසුවෙන් ඉඩ නොදෙන බවට සපයන ඒ ඉඟිය දෙයක් ලැබුණද, නොලැබුණද මගේ ආත්මය සුව පත් කරන්නට ප්‍රබල ශක්තියකි.

එමෙන්ම ස්වභාව ධර්මය අකාරුණික හෝ කාරුණික වන්නේ කිසිදු තරාතිරමක් නොබලා බව සහතිකය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

'පිංතූර අරං තියා ගන්න' අද හදිසියේ කාර්යාලයට ගොඩ වැදී යන්නට පැමිණි විට එවැන්නක් ගංවතුර සමයේ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ බව කියැවිණ.

මම හිස් දෑසින් මගේ ඉදි නොකළ උඩ තට්ටුව මත සිට බලා සිටියදී ගල් අරක්කු බෝතල්වල සිට ග්‍රීන් ලේබල් බෝතල් දක්වා ගංවතුරේ ගලා ගෙන ගිය ආකාරය දුටිමි.

නැවත ගොඩ එන්නට තරම් වැටී ඇතත් නිරන්තරයෙන් ලැබෙන ඇමතුම් ආදරණීය තොරතුරු මා කෘතිමව හෝ නොවැටී තබා ගෙන ඇත.

නමුත් ප්‍රකෘතියේදි යළි යළිත් ඇස් තෙත් වෙයි. රිදෙයි. සිදු වූ හානිය පිළිබඳව සොයා බලන්නට මේ සටහන තැබෙන විටත් ග්‍රාම සේවක මහතා පැමිණ නැත.

'පිංතූර අරං තියා ගන්න' අද හදිසියේ කාර්යාලයට ගොඩ වැදී යන්නට පැමිණි විට එවැන්නක් ගංවතුර සමයේ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ බව කියැවිණ.

නමුත් එවැන්නක් අසන්නට දකින්නට මාධ්‍ය ඇසුරු කරන්නට අපට නම් විදුලි බලය තිබුණේ නැත.

මාධ්‍ය තොරතුරු අසාගෙන පැමිණි අය වෙනුවට මා සොයා පැමිණියේද බඩගිනිද, අඳින්න ඇඳුම් තියෙනවද, කන්න මොනවද ඕනි කියා අසා පැමිණි අයයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මට වූ ඛේදවාචකයක් හෝ වෙන කෙනෙකුට වූ ඛේදවාචකයක් පිංතූර ගෙන රඳවා ගෙන විඳින්නට මා අකමැතිය.

මා මාධ්‍යකරුවෙක් වීම නිසා හෝ ඔවුන් එවැනි ප්‍රවෘත්ති කීවේ නැත. මා ඇසුවේද නැත.

දෙවැන්න මට පිංතූර ගන්නට හේතුවක් නැත. එය පිංතූර රැගෙන රඳවා තබා ගන්නට තරම් සොඳුරු අත්දැකීමක් නොවන්නේය.

එයත් අවධානය යොමු කළ යුතු කරුණකි. පින්තූරයක් නොවන දෙයක්, මට අහිමි වූ දේ ගැන සොයා බැලීම වෙනුවෙන් හොයා ගන්නට ග්‍රාමසේවකවරයාට සිදු වන්නේය.

එසේ නොවන්නේ නම් ඒ අලාභයන් අය කර ගන්නට ඒ වෙනුවෙන් ආධාරයක් ලබන්නට මා නුසුදුස්සෙකු වනු ඇත.