කේපීට එරෙහි ජවිපෙ පෙත්සම විභාගයට

ඡායාරූප මූලාශ්‍රය, Interpol India
වත්මන් රජයත් කේපී ආරක්ෂා කිරීමේ පිළිවෙතක සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණවිසින් ඉදිරිපත් කරණ ලද පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව කුමරන් පද්මනාදන්ට රටින් බැහැර වීම වළක්වා ලමින් පනවා ඇති තහනම් නියෝගය ජුලි මස 26 වනදා තෙක් දීර්ඝ කිරීමටද අධිකරණය නියෝග කළේය.
අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා කියා සිටියේ කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
ඒ හේතුවෙන් අදාළ පෙත්සම තවදුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි රජයේ නීතිවේදියා කියා සිටියේ.
කේපී සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි පෙත්සම ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ.
"වත්මන් රජයත් කේපී ආරක්ෂා කිරීමේ පිළිවෙතකයි ඉන්නේ. පසුගිය රජයෙන් කේපීට දුන් ආරක්ෂාව වත්මන් රජයත් ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යනවා. ඒ නිසා වත්මන් රජය පවත්වන පොලිස් පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්න බැහැ." පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියි.
ඉදිරිපත් වූ කරුණු පිළිබඳ අවධානය යොමු කළ පැවැත්වෙන බවයි අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ.