සෞඛ්‍ය ඇමති සහ වෛද්‍යවරු අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පවුල්වාදය ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය
පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුවේ වෙනසක් සිදු වී ඇත්දැයි සහතික කර ගැනීම සඳහා පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු පිරවීමේ දී සෞඛ්‍යය ඇමතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කළ බවටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතුවලට ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වන බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඉහත කී චෝදනාවලට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ පත්වීම් ලැයිස්තුවේ වෙනසක් සිදු වී ඇත්දැයි යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා බදාදා පැවැත්වීමට නියමිත හමුවෙන් පසු දැන ගැනීමට හැකි බවයි.
'රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක මම කතා කළා. ඒ අය කියන්නේ දැන් අත්සන් කරපු ලැයිස්තුව නෙමෙයි තියෙන්නේ කියලා. ඉන් පස්සේ මම අදාළ නිලධාරියාට කතා කරලා ඇහුවා ඔයගොල්ලෝ ලැයිස්තුවේ වෙනසක් කළාද කියලා. ඔහු කිව්වා නැහැ කියලා.'
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පවුල්වාදය ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.
සිය පුත් චතුර සේනාරත්න විසින් ගංවතුර සමයේ ක්‍රියාත්මක කරන ලද ආධාර වැඩසටහන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර කසිදු සබඳතාවක් නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගිලන් රථ සේවය සඳහා බඳවා ගනු ලැබූ පළමු කණ්ඩායම ඉන්දියාවට ගොස් අදාළ පුහුණු වීම්වල නිරත වන බවත් අමාත්‍යවරයා පැවසීය.
අනතුරක් සිදු වූ ස්ථාන වෙත රෝහල්වලට අයත් ගිලන් රථ නොයන බැවින් එවැනි අවස්ථා සඳහා ඉහත කී ගිලන් රථ සේවය යොදා ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේය.