දරයා නගරය වෙත පළමු ආධාර තොගය 'ළඟා වෙයි'

ඡායාරූප මූලාශ්‍රය, ICRC Syria
සැපයුම් තොගය අතරට ඖෂධ, ළදරු කිරි පිටි සහ අත්‍යවශ්‍ය ආධාර ඇතුළත්.
සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් වටලනු ලැබ තිබෙන දරයා නගරය වෙත ආධාර රැගත් පළමු රථ පෙළ ළඟා වූ බව රතුකුරුස සංවිධානය පවසයි.
2012 වසරෙන් පසු එම ප්‍රදේශය වෙත ළඟා වූ පළමු ආධාර තොගය මෙය බවයි වාර්තා වන්නේ.
ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වී සිටින දරයා නගරය අහාර, පිරිසිදු ජලය සහ ඖෂධ හිඟයට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ පවසති.
සැපයුම් තොගය අතරට ඖෂධ, ළදරු කිරි පිටි සහ අත්‍යවශ්‍ය ආධාර ඇතුළත්.
පසුගිය අප්‍රේල් මාසයේදී එක්සත් ජාතීන් කියා සිටියේ වටලනු ලැබ තිබෙන දරයා නගරය තුළ සාමාන්‍ය වැසියන් හාරදහසක් පමණ කොටු වී සිටින බවයි.