හම්බන්තොටදී තවත් අලි මෙහෙයුමක්

හක්ක පටස් සමඟ කෑම ගැනීමේ දී මුඛයට තුවාල සිදු වී මෙම අලි පැටියාගේ පාදයකටද තුවාල සිදු වී තිබේ.
අලි මව මිය ගොස් පාදයට හා මුඛයට අනතුරු සිදු වී කැළයේ අතරමං වී සිටි මාස හයක පමණ අලි පැටියෙක් හම්බන්තොට කැටන්වැව ප්‍රදේශයේ දී අල්ලා වැඩි දුර ප්‍රතිකාර කිරීමට උඩවලව ඇත් අතුරු සෙවනට යොමු කල බව හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරී ඩබ්. එස් ඒ ගුණතුංග පවසයි.
මව මිය ගිය පසු අලි රංචුවෙන් අතරමං වී සිටි අලි පැටියා තනිවම කැළයේ සිටින බවට තොරතුරු ලැබිමෙන් පසු ඒ සම්බන්ධව සොයා බැලිමේ දී කැටන්වැව සහ මල් ආර රක්ෂිතය අතර අලි මංකඩ ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබිමෙන් පසු අලි පැටියා අල්ලා ගත් බවයි ඔහු රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට ප්‍රකාශ කළේ.

ආහාර ගැනිමට පවා නොහැකිව සිටින අලි පැටියා කැළයට මුදා හැරීමට නොහැකි බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩ වලව ඇත් අතුරු සෙවනට භාර දිමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
හක්ක පටස් සමඟ කෑම ගැනීමේ දී මුඛයට තුවාල සිදු වී සිටින මෙම අලි පැටියාගේ පාදයකටද තුවාල සිදු වී තිබේ.
ආහාර ගැනිමට පවා නොහැකිව සිටින අලි පැටියා ප්‍රතිකාර කර නැවැත කැළයට මුදා හැරීමට නොහැකි බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩ වලව ඇත් අතුරු සෙවනට භාර දිමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
අලින් ගමන් බිමන් යන අලි මංකඩවල් පවා විවිධ ආයතන වලට ලබා දි ඇති බැවින් හම්බන්තොට වල් අලින්ට එහා මෙහා යෑමට ඉඩ කඩ නොමැති බවද ගුණතුංග සඳහන් කළේය.
මෙම ප්‍රදේශයේ සිටින වල්අලි රංචුවල සිටින කුඩා අලි පැටවුන්ට දිනෙන් දින එල්ල වන තර්ජන වැඩී වි තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.