කොස්ගම: 'ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා'
අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න සම්පුර්ණයෙන් පාලනය කොට ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි.
කඳවුරු සංකීර්ණයේ සිට කිලෝමීටර් එකක දුර සීමාවේ වෙසෙන සාමාන්‍ය ජනතාවට සිය නිවාස වෙත නැවත පැමිණීම තවමත් සුදුසු නොවන බවත් හමුදා ප්‍රකාශකවරයා පවසයි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන තෙක් සිය නිවාස වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙස හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේවෙතත් හමුදා කඳවුර දෙසින් විටින් විට පිපිරුම් හඬවල් ඇසෙන බවයි එහි ගොස් සිටින ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.
හමුදා සංකීර්ණය අවට ප්‍රදේශයේ නිවාසවලට හානි සිදු වී ඇති බවත් අවි ආයුධවල කොටස් වැටී තිබෙනු දැක ගත හැකි බවත් ඔහු පැවසීය.
යුද හමුදා කඳවුර සහ අවට ප්‍රදේශයේ තත්වය සොයා බැලීම සඳහා මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි ගොස් ඇත.
ගින්නට හසු වී යුද හමුදා සෙබළකු මිය ගොස් ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ.
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න හට ගෙන තිබුණේ ඉරිදා පස්වරුවේයි.

කොස්ගම හමුදා කඳවුරේ මහා ගින්නක්
කොස්ගම යුද හමුදා කඳවුරේ ඇතිවු ගින්නකින් පසු එහි පතරොම් සහ පුපුරණ ද්‍රවය ගබඩාව ගිනි ගැනීමෙන් විශාල ගින්නක් සමග පිපිරීම් හට ගෙන තිබේ.