බැසිල්ට ඇප

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ

අත්අඩංගුවට ගැනුණු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැඩි කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයා අනතුරුව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

ඉඩමක් මිළදී ගැනීම හා සම්බන්ධව මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පැවසෙන්නේ.