සාලාව: මීටර පන්සීයක වපසරිය තුළ 'තරමක අවදානමක්'

සාලාව: මීටර පන්සීයක වපසරිය තුළ තරමක අවදානමක් Image copyright GETTY/ ISHARA S.KODIKARA
Image caption පිපිරීම හේතුවෙන් කඳවුර අවට ප්‍රදේශයේ විසිරී තිබෙන ආයුධ කොටස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින ලෙස හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි

ගින්නට හසු වූ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරු සංකීර්ණ කේන්ද්‍රයේ සිට මීටර පන්සීයක වපසරිය තුළ 'තරමක අවදානමක්' පවතින බැවින් එම කලාපයේ වෙසෙන ජනතාවට සිය නිවෙස් වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙස යුද හමුදාව ඉල්ලා සිටියි.

කඳවුරු සංකීර්ණ කේන්ද්‍රයේ සිට මීටර පන්සීයකට ඔබ්බෙන් පිහිටි කලාපයේ ජනතාවට තම නිවෙස්වලට යෑමේ හැකියාව පවතින බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ.

පිපිරීම හේතුවෙන් කඳවුර අවට ප්‍රදේශයේ විසිරී තිබෙන ආයුධ කොටස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රදේශය අවට විසිරි තිබෙන ආයුධ කොටස් සමරු වශයෙන් ළඟ තබා ගැනීමට ඇතැම් පුද්ගලයන් පෙලඹී ඇති බවත් එසේ ආයුධ කොටස් ළඟ තබා ගැනීම නීති විරෝධී බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එවැනි ආයුධ කොටස් සම්බන්ධයෙන් පොලිසියට හෝ හමුදාව වෙත දැනුම් දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පැතිර ගිය ගින්නෙන් එහි අවි ගබඩාව පිපිරීමේ දී හානි සිදු වූ මහජන නිවාස රජයේ වියදමින් අලුත් වැඩියා කිරීමට පියවර ගන්නා බවයි අගමැති රනිල් වික්‍රමසිංහ සඳුදා කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර