නවක වදය නතර කළේ ඇදුරන්ද? අන්තරයද?

නවක වදය නතර කළා -ඇදුරන් : නැහැ ඒක නතර වුණේ අපි නිසා -අන්තරය
කැලණිය සරසවිය තුළ පැවති නවක වදයට එරෙහිව කටයුතු කිරීම නිසා දේශපාලන අරමුණු තකා කටයුතු කරන සිසුන්ගෙන් සරසවි ඇදුරන්ට තර්ජන මතු වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසයි.
එම සංගමයේ සභාපති මහාචාර්ය සුමතිපාල හල්පිට මේ බව බීබීසීයට කියා සිටියේ ඇදුරන් කිහිප දෙනෙකු සිසුවෙකුට පැහැර දුන් බවට නැගෙන චෝදනාව ගැන අදහස් දක්වමිනි.
අපි මේ කටයුතු කරන්නේ සාමාන්‍ය සිසුන් සමඟ නොවෙයි. මේ පිටුපස දේශපාලන පක්ෂයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තේරුම් ගත යුතුයි.' බීබීසීයේ තිසර රතුවිතාන සමඟ මහාචාර්යවරයා පැවසීය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ 'විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යැයි කියා ගන්නා පිරිසක්' සිසුවකුට පහර දී ඇති බවයි.
නවක වදය නතර කළේ ඇදුරන් නොවන බවත් එය නතර වූයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කැප වීමෙන් බවත් අන්තරේ කැඳවුම් කරු ලහිරු වීරසේකර පවසයි.
විශ්වවිද්‍යාලය තුළ තමන් කරන්නේ 'දේශපාලනය' බව ඔහු පිළිගත්තේය.
සිසුවාට පහර දුන් බවට චෝදනා එල්ල වන මහාචාර්ය පැට්‍රික් රත්නායක බීබීසීයට කියා සිටියේ නවක වදයට එරෙහිව තමා ගෙන ගිය දැඩි මෙහෙයුම නිසා තමන්ට අභූත චෝදනා එල්ල කර ඇති බවයි.
'බේගල් අතාරින්නෙ නැතිව තමන් කරන්න ආපු අධ්‍යාපනය කරගෙන සත්‍යයත් එක්ක ජීවත් වෙන්න කියල තමයි මට කියන්න තියෙන්නේ ගුරුවරයෙක් හැටියට. මොකද මේගොල්ලෝ මගේ දූලා පුතාලගේ වයසේ ඉන්න අය.' මහාචාර්යවරයා පැවසීය.