'නාමල් සහ වීරවංශත් අත්සන් කළා, ආණ්ඩුවේ අයත් සතුටු උනා'

Image caption 'හිටපු ජනාධිපති තුමා ඡන්දය දීමට පැමිණෙන්නේ අත්‍යවශ්‍යම තීරණාත්මක මොහොතක'

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒම ගැන 'ආණ්ඩුවේ බොහෝ අය' ද සතුට පළ කර ඇති බව හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

මේ අනුව විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ බලය වැඩි වී ඇති බවයි හිටපු ඇමතිවරයා පවසන්නේ.

විශ්වාසභංග යෝජනාව පරාජය වන බව දැන දැනත් එය ඉදිරිපත් කළේ එහි අඩංගු කරුණු කාගේත් අවධානයට ගෙන ඒමට බවයි හිටපු ඇමතිවරයා පවසන්නේ.

*හඬ පටයට මෙතැනින් සවන් දෙන්න.

Image caption හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අත්සන හෝ ඡන්දය ලබා ගැනීමට නොහැකි වූයේ ඇයි?

මෙම විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අත්සන හෝ ඡන්දය ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි බීබීසීයේ තිසර රතුවිතාන විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

'අපේ තීරණයක් තියෙනවා හිටපු ජනාධිපති තුමා ඡන්දය දීමට පැමිණෙන්නේ අත්‍යවශ්‍යම තීරණාත්මක මොහොතක. මොකද ඔහු හිටපු රාජ්‍ය නායකයා. ඔහු මේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස අර්ථ නිරූපනය කිරීම වැරදියි.'

මෙම යෝජනාවට නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් අත්සන් නොකළ බව පළ වූ වාර්තා සාවද්‍ය බව ද ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර