එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ කීපයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ කීපයක්

ඡායාරූප මූලාශ්‍රය, president.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය,

එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ කීපයක්

ජාතිවාදී ස්වරූපයෙන් බැහැරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනෙකුත් ජාතීන්ගේ සහාය ලබා ගත හැකි තත්වයක් නිර්මාණය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ඒ අනුව ඊපීඩීපී, කම්කරු කොංග්‍රසය, වැනි පක්ෂ රාශියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධාන ගත වීමට එකඟතාව පළ කොට ඇති බව ඔහු කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෙසු ජාතීන් නියෝජනය කරන පක්ෂ රාශියක් සිය මැයි දින රැළියට එක් වී ලබා දුන් සහයෝගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී ස්වරූපයෙන් බැහැර වී ඇති බවට සාක්ෂි සපයන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රීලනිපය හා සන්ධාන ගත වීමට එකඟතාව පළ කොට ඇති පක්ෂ හා එක්ව සන්ධානය ශක්තිමත් කොට ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට විධායක සභාව තීන්දු කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ.

රටේ වත්මන් ආර්ථික තත්වය, ලිහිල් වී ඇති ජිනිවා බලපෑම්, ජාත්‍යන්තර දේශපාලනය වැනි කරුණුද නිදහස් සන්ධාන විධායක සභාවේදී සාකච්ඡා කෙරුණු බව සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.