විශාලතම කොකේන් තොගය අල්ලයි

Image caption අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කරන ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්

මෙරටට ගෙන්වන ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අද (14) පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරයට ගැනුණු බව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබ තිබේ.

මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන්නේ.

කිලෝ ග්‍රෑම් 91.3ක බරින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකක් පමණ වන බවයි මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබෙන්නේ.

ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.