උදය ගම්මන්පිල රිමාන්ඩ් භාරයට

ඡායාරූප මූලාශ්‍රය, Udaya Gammanpila
අත්අඩංගුවට ගත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
අත්අඩංගුවට ගත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ජුලි මස පළමුවැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (18) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙසටයි ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ.