ඉන්දුනීසියාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ඉන්දුනීසියාවේ

ඉන්දුනීසියානු වෙරළ ආසන්නයේ බෝට්ටුවක සිර වී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් කණ්ඩායමට එරට තුලට ඇතුළු වීමට බලධාරීහු අවසර ලබා දෙති.

'අචේ' වෙරළ තීරයේ සූදානම් කරන ලද කූඩාරම් තුළ සංක්‍රමණිකයන් කණ්ඩායම මේ වන විට ලැගුම් ගෙන සිටිති.

ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටි ඉහත කී බෝට්ටුව යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඇති අතර එහි සිටි සංක්‍රමණිකයන්ට ඉන්දුනීසියානු වෙරළට ගොඩ බැසීම සඳහා අවසර ලබා දීම මීට ඉහතදී එරට බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට තිබිණ.

කෙසේ නමුත් පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් සංක්‍රමණිකයන්ට වෙරළට ගොඩ බැසීමට අවසර ලබා දීම පිළිබඳ යළි සලකා බැලීමට බලධාරීන්ට සිදු විය.

දරුවන් නව දෙනකු ඇතුළු සංක්‍රමණිකයන් කණ්ඩායමට එහි රැඳී සිටීමට අවසර ලබා දී ඇති කාලය කොපමණ දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත.

එම කණ්ඩායම තමිල්නාඩුවේ ජීවත් වූ ශ්‍රී ලාංකික දමිළ සරණාගතයන් බවයි වාර්තා වන්නේ.