මෝදි - මෛත්‍රී අන්තර්ජාල සංවාදයේ

මෝදි - මෛත්‍රී අන්තර්ජාල සංවාදයේ

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/FB

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවයට එක් වූ අතර දෙරටේ නායකයෝ එකම මොහොතේදී ක්‍රීඩාංගණය විවෘත කළහ.

ඉන්දීය- ශ්‍රී ලංකා මිත්‍රත්වය පිළිබඳ ඇතැම් අන්තවාදී කොටස් වැරදි විග්‍රහයන් ලබා දෙන නමුත්, තම සම්බන්ධතා ශක්තිමත් කිරීමට දෙරටම අවබෝධයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දීය රජයේ ආධාර මත නවීකරණය කරන ලද උතුරේ යාපනය ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවයට එක් වූ අතර දෙරටේ නායකයෝ එකම මොහොතේදී ක්‍රීඩාංගණය විවෘත කළහ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ තමා ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා ක්‍රීඩාංගණය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස දකින බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව ඇතුළු අනිකුත් සංවර්ධනය සඳහා ඉන්දීය රජය දැක්වූ සහයෝගය ජනාධිපතිවරයා ප්‍රශංසාවට ලක් කළේය.

උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාව සහ ඉන්දීය අතර පවතින සම්බන්ධතාවට සීමාවක් නොමැති බවයි කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ දියුණුවට ඉන්දීය රජය තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් කියා සිටියේය.

ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ද එහිදී පැවැත්වුණි.