ශමින්ද එරංගගේ පන්දු යැවීම 'නීති විරෝධීයි'

ඡායාරූප මූලාශ්‍රය, ICC
පන්දු යැවීමේ ඉරියවුව නිවැරදි කරගන්නා තුරු එරංගට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියවුව නීති විරෝධී බව ස්වාධීන පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශමින්ද එරංගට ජාත්‍යන්තර තරඟවලට සහභාගි වීම තහනම් කරන බවයි අයිසීසීය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබෙන්නේ නම් ඔහුට දේශීය තරඟවලට සහභාගි වීමේ තහනමක් නොමැති බවත් එහි සඳහන්.
එරංගගේ පන්දු යැවීමේ ඉරියවුව සැක සහිත බව එංගලන්තයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරඟයේදී තරඟ විනිසුරුවෝ අයිසීසීයට වාර්තා කළහ.
ඉන් අනතුරුව ලෆ්බරා නුවර ක්‍රිකට් පරීක්ෂණ මධ්‍යස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් පැවැත්වූ ස්වාධීන පරීක්ෂණයේදීයි, ඉරියවුව නීති විරෝධී බව අනාවරණය වී තිබෙන්නේ.
මේ අතර සෙනසුරාදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී අසාමාන්‍ය හෘදය ස්පන්දනයක් වාර්තාවීමෙන් අනතුරුව ශාමින්ද එරංග වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහල්ගත කරන තිබේ.
රෝහල්ගත කරන ලද නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි, කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ.