'ඒකාබද්ධ විපක්ෂයට ඕන විදිහට වැඩ කරන්නේ නෑ'
නීතියට අනුකූලව මහා බැංකු අධිපතිවරයා පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන අතර ඒකාබද්ධ විපක්ෂයේ බලපෑම මත ඔහු ඉවත් කිරීමට රජය කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් පවසයි.
චෝදනා ලද පුද්ගලයෙකු විභාගයකින් තොරව නිර්දෝෂී කිරීමට හෝ ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ මෙමගින් ආණ්ඩුව දුර්වල කිරීමට නම් ඊට ඉඩදීමට රජය සුදානම් නැති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රජයේ ප්‍රතිචාරය පැහැදිළි කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවකට එක වූ අවස්ථාවේදීයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහා බැංකු අධිපතිවරයාව එල්ල වූ චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කර ඇති අවස්ථාවක එක්වරම ඔහු නැවතත් ධුරයට පත් නොකොට වැඩි දුර පරීක්ෂණ පැවැත්වීමට රජය කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ පරීක්ෂණ අවසන් වන තුරු ඔහු ධුරයට පත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක්ද කොට ඇති බවයි.