රෝගීන්ගේ ජීවිත විනෝදයට ගත් සාත්තු සේවකයෙක්

Male Nurse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජර්මනියේ සාත්තු සේවකයෙකු විසින් හෘදයාබාධ සඳහා ලබා දෙන එන්නත් හිතුමතයේ ශරීරගත කිරීමෙන් දොළහකට අධික රෝගීන් ඝාතනය කරනු ලැබ ඇති බව ජර්මානු පොලිසිය පවසයි.

බටහිර ජර්මනියේ 'ඔල්ඩන්බර්ග්' නගරයේ රෝහලක සේවය කළ 'නෙඉල්ස් එච්' නම් මෙම සාත්තු සේවකයා පසුගිය වසරේ බන්ධනාගාරගත කෙරුණේ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන සාපරාධී අපරාධ ඔප්පු වීමෙනි.

නමුත් පසුව ඔහු සේවය කළ රෝහලේ මිය ගිය රෝගීන්ගේ වාර්තා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු හෙළි වී තිබෙන්නේ මිය ගිය රෝගීන් අනූ නම දෙනෙකුගෙන් විසි හත් දෙනෙකුගේ මල සිරුරු වල ඉතා අධික වශයෙන් හෘදයාබාධ සඳහා ලබා දෙන එන්නත් අන්තර්ගතව තිබුණු බවයි.

අලුතින් හෙළිකරගත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කැඳවු නඩු වාරයෙදී ප්‍රකාශයක් කළ සාත්තු සේවක 'නෙඉල්ස් එච්' කියා සිටියේ රෝගීන් හිටි අඩියේම පියවි සිහිය ලැබීම දැකීමට ආශා කළ නිසා රෝගීන් අනූ දෙනෙකුට හෘදයාබාධ සඳහා ලබා දෙන එන්නත් හිතුමතයේ ශරීරගත කළ බවයි.