මාතරත් වැට් බදු විරෝධයක්

අගමැතිවරයාගෙන් හෝ මේ සදහා සහනයක් ලැබෙනු ඇතැයි සියලු ව්‍යාපාරිකයෝ බලා පොරොත්තු වෙති
ආණ්ඩුව විසින් වැඩිකරන ලද වැට් බද්දට විරෝධය පළකරමින් අද (23) මාතර නගරයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සියලු වෙළද සැල් වසා දමා සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය අබියසින් සර්ව ආගමික වතාවත් සිදු කරමින් ආරම්භකළ විරෝධතා පාගමන මාතර බස් නැවතුම් පොල අසල සනත් ජයසුරිය ක්‍රීඩාංගනය වෙත පැමිණි අතර එහිදී දහවල් 12 වන තෙක් විරෝධතාව පැවැත්වුණි.
මාතර නගරයේ විරෝධතාවය සඳහා තුන්දාහකට (3000) අධික පිරිසක් සහබාගි වී සිටි බවයි ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ.
අකුරැස්ස සහ කඹුරුපිටියත්
වැට් බද්දට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රිකයේ අකුරැස්ස ,වැලිගම ,කඹුරුපිටිය ඇතුළු සියලු ප්‍රදේශයන්හි සියලු වෙළද සැල් වසා දැමීමට තීරණය කළ බවත් මාතර නගරයේ මෙන්ම අකුරැස්ස සහ කඹුරුපිටිය ප්‍රදේශයන්හි ද විරෝධතාවයන් පැවැත්වූ බවයි මාතර දිස්ත්‍රික් වෙළද හා වාණිජ සංගමයේ සභාපති එස් .කේ .පත්මන් පැවසුවේ.

රටින් ගෙන්වන භාණ්ඩ සදහා එම අවස්ථාවේ පමණක් සාධාරණ බද්දක් අය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ
රජය මගින් පනවා තිබෙන 15 % ක වැට්බද්දට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පවත්වන බවත් අගමැතිවරයාගෙන් හෝ මේ සදහා සහනයක් ලැබෙනු ඇතැයි සියලු ව්‍යාපාරිකයන් බලා පොරොත්තු වන බවත් ඔහු පැවසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටින් ගෙන්වන භාණ්ඩ සදහා එම අවස්ථාවේ පමණක් සාධාරණ බද්දක් අය කරන ලෙසත් ඔහු රජයෙන් ඉලා සිටියේය.
'කලින් දැනුම් දුන්නා'
මෙම විරෝධතාවයෙන් පාරිභෝගික ජනතාවට අද දවසේ පීඩාවක් සිදු නොවන අයුරින් දින කිහිපයකට පෙර සිට අද (23) විරෝධ තාවය සදහා වෙළඳ සැල් වසන බව දැනුම් දුන් බවද මාතර දිස්ත්‍රික් වෙළද හා වාණිජ සංගමයේ සභාපති එස් .කේ .පත්මන් පැවසිය.
කෙසේ නමුත් මාතර නගරයට දුර බැහැරින් පැමිණෙන ජනතාව වෙළද සැල් වසා තැබීම නිසා යම් අපහසු තාවයකට ලක් විය.
එමෙන්ම මාතර නගරයේ සුපිරි වෙළද සැල් කීපයක් පමණක් විවෘතව තිබෙනු දක්නට ලැබුණු අතර මාතර නගරයේ බස් නැවතුම් පොළ හැරුණු විට අනෙක් ස්ථානයන්හි පාළු ස්වභාවයක් දක්නට ලැබුණි.