බ්‍රිතාන්‍යයේ තීන්දුව අපටත් බලපානවා - නියෝජ්‍ය විදේශ ඇමති

නියෝජ්‍ය විදේශ ඇමතිවරයා
ඡායාරූප ශීර්ෂ වැකිය,

නියෝජ්‍ය විදේශ ඇමතිවරයා

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීමට තීන්දු කරනු ලැබීම නිසා GSP සහනය මගින් ඉදිරි කාලයේ දී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිත තීරු බදු සහනය අහිමි විය හැකි බව විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතුද නැද්ද යන්න තීන්දු කෙරුණ ජනමත විචාරණයේ ප්‍රතිපලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමිනුයි නියෝජ්‍ය ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.

ශ්‍රී ලංකාව යුරෝපයට අපනයනය කරනු ලබන භාණ්ඩවලින් 40% ක් යවනු ලබන්නේ මහා බ්‍රිතාන්‍යයට බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා උද්ගත වී පවතින තත්වය යටතේ බ්‍රිතාන්‍යය සමඟ වෙළෙඳ ගිවිසුමකට යාමට සිදු වෙන අතර ඒ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි ද සඳහන් කළේය.

අපනයන ආර්ථිකය

'අපට ශක්තිමත් මැද පන්තියක් අවශ්‍යයි. ඒ සඳහා ශක්තිමත් අපනයන ආර්ථිකයක් අවශ්‍යයි .මෙහිදී අපට තරඟකරුවන් ඉන්නවා. වියට්නාමය සහ බංග්ලාදේශය වැනි රටවල් සමඟ අපි තරඟ කළ යුතුව තිබෙනවා' බ්‍රිතාන්‍යය යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතු බවට එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා මැදිහත් වූ ශ්‍රී ලාංකික නියෝජිත මණ්ඩලයේ සාමාජිකයකු ද වන නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

බලාපොරොත්තු සුං වී
ඡායාරූප ශීර්ෂ වැකිය,

බලාපොරොත්තු සුං වී

බ්‍රිතාන්‍ය ජනමත විමසුමේ ප්‍රතිඵලයත් සමඟ ලෝකය පුරාම මූල්‍ය වෙළෙඳපොළ උඩු යටිකුරු වී කඩා වැටී ඇති බව කියා සිටි නියෝජ්‍ය ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ලෝක බැංකුවට හෝ ඉදිරිය සම්බන්ධයෙන් පුරෝකථනයක් කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි පෙන්වා දුන්නේ.

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම ජනමත විචාරන ප්‍රතිපලයත් සමඟ මෑත ඉතිහාසයේ අවම අගය වාර්තා කරන බවත් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

ලෝක මූල්‍ය වෙළෙඳපොළ

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජනමත විචාරණයේ දී යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතුය යන මතයට සහයෝගය දීම ගැන මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ 'එය අපට අදාළ වන' බවයි.

ජයපැන් බොමින්
ඡායාරූප ශීර්ෂ වැකිය,

ජයපැන් බොමින්

අපනයනයෙන් තොරව අද රටකට අනාගතයක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා එවැනි තත්වයක් යටතේ බ්‍රිතාන්‍ය ජනතාව ගත් තීන්දුව ශ්‍රී ලංකාවට ද බලපාන බවයි කියා සිටියේ.

දේශපාලන අනාගතය

මෙම ජනමත විචාරන ප්‍රතිපලයේ දේශපාලන ප්‍රතිවිපාකයක් වුනේ අගමැති ඩේවිඩ් කැමරන් පදවියෙන් සමු ගැනීමට තීන්දු කිරීමයි.

ජනමත විචාරන ප්‍රතිපලය නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව සිය නිල නිවස ඉදිරිපිට දී ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා කියා සිටියේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මී ලඟ ඔක්තෝබර් සමුළුවේ දී නව නායකයා තෝරා ගන්නා ලෙසයි.