දේශපාලන කැළඹීම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය තුළටත්

Image caption තමන්ට කළ හැකිව තිබූ සියල්ල කළ බවයි ජෙරමි කෝබින් පවසන්නේ

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා සහය පළ කරමින් බහුතර බ්‍රිතාන්‍ය ජනතාව තම ඡන්දය ප්‍රකාශ කිරීමත් සමග ඇතිවූ දේශපාලන කැළඹීම බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය තුළ ට ද පැතිරී ගොස් තිබේ.

තම පක්ෂ නායක ජෙරමි කෝබින් මෙම ජනමත විචාරණය සඳහා වූ දේශපාලන ව්‍යාපාරය මෙහෙය වූ අකාරයට විරෝධය පාමින් කම්කරු පක්ෂ 'ඡායා කැබිනෙට් මණ්ඩලයේ' සාමාජිකයන්ගෙන් අඩක් පමණ අද (26) ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.

මුලින්ම ඉවත්වීමට නියමිත ඡායා කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය කටයුතු පිලිබඳ ලේකම් හයිඩි ඇලෙක්සැන්ඩර් පැවසුවේ බ්‍රිතාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ පිළිතුර නිසියාකාරව හැඩ ගැස්වීමට ජෙරමි කෝබින්ට හැකියාවක් නොතිබුණු බවයි.

මීට පෙර ලේබර් පක්ෂ 'ඡායා කැබිනට් මණ්ඩලයේ' විදේශ ලේකම් හිලරි බෙන් තනතුරින් පහකරනු ලැබුණේ ඔහුගේ සගයන් ඉල්ලා අස්වීමට පෙලඹවූ බවට චෝදනා කරමින්.

කෙසේවුවද බොහෝ සාම්ප්‍රදායික 'ලේබර්' පක්ෂ ඡන්ද දායකයන් ඡන්දය පළ කරනු ලැබ තිබුනේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහායි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර