ජන සංහාරක ආයුධ පැතිරීම වැළැක්වීමේ පුහුණුවක්

ඡායාරූප මූලාශ්‍රය, US Embassy, Colombo
'ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනයේ තවත් පියවරක්'
ජන සංහාරක අවි ආයුධ පැතිරයාම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නිලධාරීන් පිරිසකට පස් දින පුහුණුවක් ලබා දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, පොලිසිය, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක හමුදාවේ නිලධාරීන්ට පසුගිය ජුනි 13 වැනි දින සිට 17 වැනි දින දක්වා එම පුහුණුව ලබා දුන් බවයි, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
දේශසීමා ආරක්ෂාව, තාක්ෂනය සහ තර්ජනයේ ස්වභාවය හඳුනාගැනීම වැනි කරුණු ඇමෙරිකානු හමුදාවේ ICP ප්‍රගුණන විරෝධී ජාත්‍යන්තර වැඩසටහනේ විශේෂඥයන් විසින් ලබා දුන් එම පුහුණුවට ඇතුලත් බවත් එහි සඳහන්.
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනයේ තවත් පියවරක් ලෙසිනුයි එම පුහුණු වැඩසටහන එක්සත් ජනපදය හඳුන්වා දෙන්නේ.