නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ් බන්ධනාගාරයට

පාලිත තෙවරප්පෙරුම

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කරයි.

ඉහත කී චෝදනා යටතේ අඟහරුවාදා උදය වරුවේ අත්අඩංගුවට ගැනුණු මව්වරුන් නව දෙනකු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මතුගම පොලිස් ස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් පසුගියදා උපවාසයක් ආරම්භ කොට තිබුණේ ද සිසුන් පිරිසක් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධනය සහ සංස්කෘතික කටයුතු භාර නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සිය දිවි නසා ගැනීමේ උත්සාහයක නිරත වූයේ ඉන් අනතුරුවයි.