තාජුදීන්: පොලිස් හිටපු අධ්‍යක්‍ෂවරයෙක් ගැන පරීක්‍ෂණ

Image caption රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණය පිළිබඳ සාක්‍ෂි වසන් කළ බවට සැක පිට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ගැන පරීක්ෂණ ආරම්භ කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිවේදියා මේ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියත් 'හිටපු අධ්‍යක්‍ෂවරයා' ගේ නමක් හෙළිදරව් කළේ නැත.

තාජුදින් මරණයට පත් වූ දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන වලට ලැබුණු ඇමතුම් ගැන පරීක්ෂණ පවත්වන බවද රජයේ නීතිවේදියා අධිකරණයට දන්වා සිටියේය.

Image caption හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක

සැක පිට රිමාන්ඩ් භාරයේ පසු වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ඇප පිට නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලා සිටි නමුත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව සැකකරුවන් ලබන 20 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර