විදෙස් විනිසුරු කතාව මාධ්‍ය ප්‍රබන්ධයක් - ජනාධිපති
යුද සමයේ සිදුවීම් විභාග කිරීම සඳහා විදේශ විනිසුරන්ගෙන් සමන්විත අධිකරණ ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව තමා කියා තිබියදීත් ඇතැම් මාධ්‍ය එවැනි සහභාගිත්වයක් පිළිබඳව වාර්තා කරමින් ජනතාව නොමග යවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
පේරාදෙණියේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජාතික පුවත්පතක පළ කරන ලද ශීර්ෂ පාඨයකට සිය ප්‍රතිචාරය පළ කරමිනි.
'යුද අධිකරණය තව මාස නවයකින්. විදෙස් විනිසුරුවෝත් එති' යනුවෙන් එම පුවත්පතේ පළ කොට තිබූ වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි එම පුවත්පත පෙන්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
'මේ ප්‍රවෘත්තිය මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පිට රටින් විනිසුරුවරු ගෙනත් නඩු අහන්න අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිම ඉඩක් නැහැ. එසේනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. ඒකට මම එකඟ වෙන්නේ නැහැ' ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙවැනි පුවත් පළ කිරීමෙන් මහජනයා නොමඟ යැවීමක් පමණක් නොව සමාජය තුළ නොසන්සුන්කාරී බවක් ඇති වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
'අවම වශයෙන් අපට දුරකතන ඇමතුමක් දීලා මෙහෙම දෙයක් තියනවද කියලා ඇසිය යුතුයි. ඒක තමයි මාධ්‍ය සදාචාරය' ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.