විදෙස් විශේෂඥයන් ලංකාවට අලුත් දෙයක් නොවෙයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදෙස් විශේෂඥයන් ලංකාවට අලුත් දෙයක් නොවෙයි - මංගල

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන එන බවක් තමන් කිසි විටක ප්‍රකාශ කර නොමැති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කරයි.

එසේ තිබියදී තමා ජනාධිපතිවරයාගේ මතයට පිටින් යමින් කටයුතු කරන බවට ඇතැම් ජනමාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලනඥයන් පුවත් මවමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

'මම හෝ අඩු තරමින් ජිනිවා නුවරට පැමිණි අන්තවාදී සංවිධාන හෝ ඉදිරිපත් නොකළ ඉල්ලීම් වගයක් ඉටු කරන බවක් ඇතැම් පුවත්පත් බෝල අකුරෙන් පළ කරනවා .ඒත් එම ප්‍රකාශව කිසිදු සත්‍යයක් නැහැ' විදේශ ඔහු පැවසීය.

යුධ අපරාධ චෝදනා විමර්ශනය සඳහා විදෙස් විනිසුරුවරුන් සම්බන්ධ කර ගත යුතු බවට නැගෙන ජාත්‍යන්තර ඉල්ලීම් වලට රජය දක්වන ප්‍රතිචාරය, ජාත්‍යන්තරය විශේෂඥ සහයෝගය ලබා ගැනීමේ හැකියාව සහ තමන්ට එරෙහිව ගෙන එන බවට විපක්ෂය පවසන විශ්වාසභංග යෝජනාව පිළිබඳ අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාර ඉහත වීඩියෝ පටන් නරඹන්න.