ලසන්ත ඝාතනය: හමුදා සැරයන්වරයෙකු අත්අඩංගුවට

Image copyright Getty Images

සන්ඩේ ලීඩර් කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.

පොලිස් අපරාධ පරීක්ෂණ අංශය විසින් සිකුරාදා එම බුද්ධි අංශ සැරයන්වරයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් නිවේදනයේ සඳහන් වන්නේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු පැය හතළිස් අටක කාලයක් රඳවා ගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිය මොටර් රථයෙන් කාර්යාලයට ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2009 වසරේ දීයි.