දහසය කෝටියක විදේශීය මුදල් 'රටින් පිට කිරීමේ උත්සාහයක්'

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේදී මෑත ඉතිහාසයේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම විදේශ මුදල් තොගය මෙය
රුපියල් දහසය කෝටි හැට ලක්ෂයක වටිනාකමින් යුත් විදේශීය මුදල් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ කළ තිදෙනකු අඟහරුවාදා උදෑසන රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේදී මෑත ඉතිහාසයේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම විදේශ මුදල් තොගය මෙය බවයි ගුවන්තොටුපල වාර්තාකරු TKG කපිල බීබීසී සංදේශයට කියා සිටියේ.
සිය ගමන් මලුවල ව්‍යාජ පතුල් සකස් කොට ඇමෙරිකානු ඩොලර්, ස්විස් ෆ්රෑන්ක්, කටාර් රියාල්, සවුදි රියාල්, කුවේට් ඩිනාර් සහ එක්සත් අරාබි එමීරයේ ඩිරාම් මුදල් නෝට්ටු සඟවා තිබුන බවත් ඔහු පැවසීය.
අත්ඩංගුවට පත් වී තිබෙන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ශ්‍රී ලංකාවට ගෙන්වා විකිණීමේ යෙදී සිටි ව්‍යාපාරිකයන් පිරිසක් වන කාන්තාවන් දෙදෙනකු සහ පුරුෂයෙක්.
සිය ව්‍යාපාරය මුවාවෙන් ඔවුන් එම විදේශ මුදල් තොගය ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කර ඇති බවත් TKG කපිල වැඩිදුරටත් පැවසීය.