'FCID භීතිකාව' ශ්‍රී ලංකාවට යහපත් - ජනපති

ඡායාරූප මූලාශ්‍රය, FCID
"දේශපාලකයනුත් පාවිච්චි කරනවා නම් අපිට එෆ්සීඅයිඩී යන්න වේවි කියල, දේශපාලනඥයෝ තුලත් බයක් සහ ලැජ්ජාවක් ඇතිවෙලා තියෙනව"
FCID පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය පිළිබඳව දේශපාලන නායකයන්, නිලධාරීන් සහ සමස්ත සමාජය තුල ඇති වී තිබෙන 'භීතිකාව' යහපත් ප්‍රවණතාවයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.
FCID යේ විමර්ශන සම්බන්ධයෙන් පවතින බිය හේතුවෙන් ඇතැම් රාජ්‍ය ආයතනවල තීන්දු ගැනීමේ මන්දගාමී ස්වභාවයක් පවා පවතින බව වාර්තා වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
"සමහර ඇමැතිවරුත් කියනවා අපිට FCID යන්න වේවි මේක කළොත් කියල."
පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය බිහි කරනු ලැබුවේ දූෂණයෙන් පිරුණු සමාජ ක්‍රමයට තිත තැබීමේ අවශ්‍යතාවය මත බව පෙන්වාදෙන ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් පවතින භීතිකාව සිත් තුලින් තුරන් කළ හැක්කේ රට තුල දූෂණය පිටු දැකීමෙන් බවත් අවධාරණය කළේය.
"දේශපාලකයනුත් පාවිච්චි කරනවා නම් අපිට එෆ්සීඅයිඩී යන්න වේවි කියල, දේශපාලනඥයෝ තුලත් බයක් සහ ලැජ්ජාවක් ඇතිවෙලා තියෙනව."
දූෂණ සහ වංචා සම්බන්ධයෙන් එසේ මතු වී තිබෙන 'බය සහ ලැජ්ජාව' රටක ඉදිරි ගමන පිණිස අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය.