දූෂණවලට වැට බැඳීම දේශපාලන පළිගැනීමක්ද? - රනිල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන පළිගැනීමක් වන්නේ කෙසේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.
වත්මන් යහපාලන ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මැති ඇමතිවරුන් සිටින බැවින් දේශපාලන පළිගැනීම් සිදු කිරීම ප්‍රායෝගික නොවන බව අගමැතිවරයා කියා සිටියේ කුරුණෑගල පැවති එක්සත් ජාතික පක්ෂ සමුළුවක් අමතමිනි.
"අපි පළිගන්න ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ ඇමතිවරු කෑ ගහනවා. අපේ සාමාජිකයන්ගෙන් පළිගන්න ආවොත් අපි කෑ ගහනවා. ජේවීපී එකෙන් පළිගන්නද? ඒ අය පාර්ලිමේන්තුවේ කෑ ගහනවා," අගම්තිවරයා පැවසීය.
"කාගෙන්ද පළිගන්නේ? පළිගන්න බැහැ."
දේශපාලන පළිගැනීම් සිදු කරන බවට ආණ්ඩුවට චෝදනා කරන පිරිස්වලට පොදු සටන් පාඨයක් නොමැති බවත් දූෂණ චෝදනා එල්ල වන පුද්ගලයන් සිර භාරයට නොගන්නා ලෙස හඬ නැගීම ඔවුන්ගේ එකම සටන් පාඨය වී ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

'දේශපාලන පළිගැනීම්': බැංකු උසස්වීම්වලට තහනම් නියෝගයක්
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පැවසෙන මහජන බැංකුවේ සේවකයන් සඳහා උසස්වීම් පනස් අටක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් තහනම් නියෝගයක්