බ්‍රාහ්මීය අක්ෂර කෙටූ පෞරාණික ගල් ලෙන් හමුවේ

හමු වූ ගල්ලෙන් සහ ඒවායේ ඇති බ්‍රාහ්මීය අක්ෂර
ඡායාරූප ශීර්ෂ වැකිය,

හමු වූ ගල්ලෙන් සහ ඒවායේ ඇති බ්‍රාහ්මීය අක්ෂර

නැගෙනහිර පළාතේ ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිනිස් වාසයෙන් තොර කැලෑවකින් පළමුවන සියවසට අයත් පැරණි බ්‍රාහ්මිය අක්ෂර කෙටූ ගල් ලෙන් කිහිපයක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් පරීක්ෂණ පවත්වන තුරු ඒවා ආරක්ෂා කිරීමට නිලධාරීන් ප්‍රමාණවත් නොවීම බරපතල ගැටලුවක් බවද දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

පැරණි බෞද්ධ නටබුන් පිහිටි වෙරුගල්, කල්ලඩිහි පාෂාණ පබ්බත විහාරයට ඉතා ආසන්නවයි, මෙම ගල් ලෙන් පිහිටා තිබෙන්නේ.

එම ගල් ලෙන්වලට ආසන්න ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් සිටින නිසා ලෙන්වල ආරක්ෂාවට තර්ජනයක් බවද ත්‍රිකුණාමලයේ පුරාවිද්‍යා නිලධාරීහු අජිත් ලාල් ශාන්ත උදය කළ විමසීමකදී පැවසූහ.

හමු වූ ගල්ලෙන් සහ ඒවායේ ඇති බ්‍රාහ්මීය අක්ෂර
ඡායාරූප ශීර්ෂ වැකිය,

හමු වූ ගල්ලෙන් සහ ඒවායේ ඇති බ්‍රාහ්මීය අක්ෂර

යුද ගැටුම් සමයේ සහ මෑතකදීද මෙම ගල් ලෙන්වල සිදුව ඇති මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවායේ පුරාවිද්‍යා සාධක විනාශ මුඛයේ පවතින බවත් පැවසේ.

ක්‍රිස්තු පූර්ව පස්වන සියවස සහ පළමුවන සියවස අතර කාලයේ මෙම ගල් ලෙන්වල බෞද්ධ භික්ෂූන් වහන්සේ වැඩ විසූ බවයි, විශ්වාස කෙරෙන්නේ.

පුරාවිද්‍යා පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණිය යුතු බවද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එතෙක් මේවා ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිවීම දෙපාර්තමේන්තුව මුහුණ දෙන බරපතලම අර්බුදය බවයි නිලධාරීන් පවසන්නේ.