මුත්තූර් නඩුවෙන් හමුදා සාමාජිකයන් නිදහස්

මුත්තූර් නඩුවෙන් හමුදා සාමාජිකයන් නිදහස්

1996 වසරේ පෙබරවාරි මාසයේ 11 වනදා මුත්තූර්හි කිලිවෙඩ්ඩි කුමාරපුරම් ගම්මානයට කඩා වැදී පුද්ගලයන් 24 දෙනකු වෙඩි තබා ඝාතනය කොට තවත් 26 දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටි යුද හමුදා සාමාජිකයන් හය දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණය තීන්දු කරයි.

සත් පුද්ගල ජූරි සභාවක් ඉදිරියේ මසක පමණ කාලයක් ඉහත කී නඩුව විභාග විය.

චූදිතයන් හය දෙනා වෙත චෝදනා එකසිය එකක් එල්ල වී තිබූ අතර එම සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

නඩුව විභාග වන කාල සීමාව තුළ එක් චූදිතයෙක් වෙඩි තබා ඝාතනය කෙරුණු බවත් තවත් චූදිතයෙක් මිය ගිය බවත් අතුල බණ්ඩාර අනුරාධපුරයේ සිට සංදේශයට වාර්තා කළේය.