TNA හිටපු මන්ත්‍රී රිමාන්ඩ් භාරයට

Image copyright Reuters

රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දෙමල ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි.එච්.පියසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු දෙක දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ තිබේ.

හිටපු මන්ත්‍රීවරයා පසුගිය පාලන සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පල කිරීමට තීරණය කිරීමෙන් පසුව ඔහුට සුඛෝපභෝගී රජයේ වාහනයක් ලබා දීමට එවකට රජය මගින් පියවර ගෙන තිබුණු බවයි පොලිසිය පවසන්නේ.

එහෙත් මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසුව පියසේන හිටපු මන්ත්‍රීවරයා විසින් වාහනය නැවත රජයට භාර නුදුන් අතර එම වාහනය ඊයේ (28 වෙනිදා) ඔහුගේ රියදුරු කොල්ලුපිටිය පොලිසියට පදවාගෙන විත් සිටි අවස්ථාවේදී අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව පියසේන හිටපු මන්ත්‍රීවරයා අද දහවල් අත් අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.