බණ්ඩාරනායක සමාධියට පොලිස් ආරක්ෂාව

බණ්ඩාරනායක සමාධියට පොලිස් ආරක්ෂාව

හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධියේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පොලිස්පතිවරයා වෙත සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි.

හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කිරීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ සංවිධායකයන් දෙදෙනකු මීට ඉහතදීත් ඊට හානි කිරීමේ උත්සාහයක නිරත වී ඇති බැවින් තමා පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම සිදු කළ බවයි හිටපු ජනාධිපතිනිය පවසන්නේ.

මේ වන විට එවැනිම සැලැස්මක් පිළිබඳ තමාට දැන ගැනීමට ලැබී ඇති බවත් හිටපු ජනාධිපතිනිය කියා සිටියාය.

ඒ අනුව කිසිවකුටත් බණ්ඩාරනායක සමාධිය පිහිටි භූමිය තුළට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇති බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත් කියා සිටියේ.