'පෝලිම් කරලා වෙඩි තිබ්බ. මට වෙඩි වැදුනේ නෑ'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පෝලිම් කරලා වෙඩි තිබ්බ. මට වෙඩි වැදුනේ නෑ'

පොලිස් බලධාරීන්ගේ නියෝගය ප්‍රකාර ආයුධ බිම තබා යටත්වීමෙන් අනතුරුව තමන් ඇතුළු පොලිස් නිලධාරීන් 123 දෙනකු 1990 ජුනි 11 වැනි දින කොටි කැරලිකරුවන් විසින් බස් තුනක පටවාගෙන කැලයට රැගෙන ගිය ආකාරය හිටපු පොලිස් උප සාජන් මනෝජ් ප්‍රියන්ත සිහිපත් කරයි.

"හොඳටම අතින් පයින්, වෙපන්වලින් ගහල ඇස් දෙක බැඳලා පෝලිම් කරලා වෙඩි තිබ්බ. මට වෙඩි වැදුනේ නෑ. මගේ නිලධාරීන්ගේ ලේ ඔක්කොම මගේ ඇඟේ," ඔහු විස්තර කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"ඊට පස්සේ ඇවිල්ල ඔලුව පෑගුව. මම මැරිච්ච විදියට හිටිය."

එහෙත් ඉන් වසර ගණනාවකට පසුව 'දේශපාලන පලිගැනීමක්' හේතුවෙන් ඔහුට අද රැකියාව අහිමියි.

සිය දුක්ගැනවිල්ල බලධාරීන් බොහෝ දෙනකුට යොමු කළත් මෙතෙක් සරණක් නොලැබුන බව ඔහු සංදේශයට කියා සිටියේ වේදනාබර ස්වරයෙන්.

කෙසේ නමුත් සානුකම්පිතව ඔහුගේ අභියාචනය සලකා බලා ඔහු යළි සේවයේ පිහිටුවීමට උත්සාහ කරන බව ජාට්න්හික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ බීබීසී සංදේශයට පැවසීය.

කොටි කැරලිකරුවන් විසින් 600 කට අධික පොලිස් නිලධාරීන් ඝාතනය කළ අවස්ථාවේ දිවි ගලවාගත් පොලිස් නිලධාරියකුගේ අනුවේදනීය අත්දැකීම.