'මන්නාරමේ පාළු ළිඳකින් මිනිස් ඇටසැකිලි'

පොලිසිය කියා සිටියේ අඩි දෙකක පමණ ගැඹුරට ළිද තුළ කැණීම් සිදු කළ බවයි
ඡායාරූප ශීර්ෂ වැකිය,

පොලිසිය කියා සිටියේ අඩි දෙකක පමණ ගැඹුරට ළිද තුළ කැණීම් සිදු කළ බවයි

මන්නාරමේ තිරුකේතීස්වරන් පළාතේ පාළු ළිදක් තුළ කළ කැණීම්වලදී මිනිස් ඇටසැකිලි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙකක් හමුවූ බව මන්නාරම පොලිසිය පවසයි.

එම පාළු ළිද පිහිටා තිබෙන්නේ මීට වසර පහකට ඉහතදී මිනිස් ඇටසැකිලි අනූ හයක් හමුවූ තිරුකේතීස්වරන් සමූහ මිනී වල ආසන්නයේම බවයි පොලිසිය කියා සිටියේ.

සමූහ මිනී වල හමුවීමෙන් පසුව මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් මන්නාරම දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සමූහ මිනීවලේ මෙන්ම පාළු ළිද තුළද මිනිස් ඇටසැකිළි තිබිය හැකි බවයි.

පෙත්සමට සැලකිල්ලට ගෙන අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මන්නාරම දිසා විනිසුරු ඒ.ජී.ඇලෙක්ස් රාජාගේ අධීක්ෂණය යටතේ පාළු ළිදේ කැණීම් කටයුතු ආරම්භ වුණු අතර පොලිසිය කියා සිටියේ අඩි දෙකක පමණ ගැඹුරට ළිද තුළ කැණීම් සිදු කළ බවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

එම පාළු ළිද පිහිටා තිබෙන්නේ මීට වසර පහකට ඉහතදී මිනිස් ඇටසැකිලි අනූ හයක් හමුවූ තිරුකේතීස්වරන් සමූහ මිනී වල ආසන්නයේම බවයි පොලිසිය කියා සිටියේ.

එම කැණීම් වලින් මිනිස් ඇටසැකිලි වල කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙකක් හමු වූ නමුත් මන්නාරම දිසා අධිකරණයේ ජේෂ්ඨ නීතිඥ වී.රාජකුලේන්ද්‍රන් කියා සිටියේ කැණීම් කටයුතු අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට වැඩි දුර තොරතුරු ලබා නොදෙන බවයි.

අදාළ ළිඳේ අගහරුවාදා සිට යළිත් තවදුරටත් කැණීම් කටයුතු සිදු කිරීමට නියමිතයි.

මීට ඉහතදී තිරුකේතීස්වරන් සමූහ මිනී වලෙන් හමුවූ මිනිස් ඇටසැකිළි වලට සිදු වූයේ කුමක්දැයි විමසූ විට එම මිනිස් ඇටසැකිලි භාරව කටයුතු කළ ජේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න කියා සිටියේ තමන් මේ වන විට සේවය කරන්නේ මාතලේ බැවින් වැඩි දුර පරීක්ෂණ මෙහෙයවීමේ හැකියාවක් නොමැති බවයි.

එම ඇටසැකිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට තමන්ට අනුරාධපුරයට යාමට අවස්ථාවක් සලසා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට කිසිවෙකුත් ඇහුම්කන් නොදුන් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.