හම්බන්තොටිනුත් වකුගඩු රෝගීන් හැට පස් දෙනෙක්

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන 'කෙතට සුවය ' සෞඛ්‍ය සායන මගින් වකුගඩු රෝගීන් හැට පස් දෙනකු හඳුනා තිබේ.
හේතුව නිශ්චිත වශයෙන් හඳුනා නොගත් වකුගඩු රෝගීන් නව දෙනකු සහ හේතුව හඳුනා ගත් වකුගඩු රෝගීන් පනස් හය දෙනකු ඒ අතර සිටින බවයි තංගල්ල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ.
'කෙතට සුවය 'ලෙස නම් කොට ඇති විශේෂ ගොවි සායන මගින් දෛනිකව ගොවි පවුල් 500 - 1000ත් අතර සංඛ්‍යාවක් පරික්ෂාවට ලක් කෙරෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
හඳුනා ගත් සහ හඳුනා නොගත් වකුගඩු රෝග, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, මුඛ පිළිකා, දන්තාබාධ ඇතුළු රෝගී තත්වයන් සායන වෛද්‍ය කණ්ඩායම් වල අවධානයට ලක් වේ.
රජ රට ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වන හඳුනා නොගත් වකුගඩු රෝගීන් හම්බන්තොට ප්‍රදේශයෙන්ද වාර්තා වීමත් සමග වකුගඩු රෝගින් හඳුනා ගැනීමේ වෛද්‍ය සායන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයකම ආරම්භ විය.
ගොවීන්ගේ සහභාගීත්වය


ඉහත කී සායන වැඩසටහන පසුගිය ජුනි මස 30 වනදා අගුනුකොලපැලැස්ස ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර, හම්බන්තොට, සූරියවැව, අම්බලන්තොට, අඟුණකොලපැලැස්ස, බෙලිඅත්ත, තංගල්ල, ඕකේවෙල, වලස්මුල්ල යන කොට්ඨාශවල පැවැති සායන වලින් පුද්ගලයන් 18,244 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.
හඳුනා නොගත් වකුගඩු රෝගීන් හම්බන්තොට මහ රෝහල වෙත යොමු කොට ප්‍රතිකාර ලබා දීම දැනට සිදු කර තිබෙන බව වෛද්‍ය චමල් සංජීව පැවසීය.
දැනට වාර්තා වී ඇති හදුනා නොගත් රෝගීන් නව දෙනාම ගොවීන් වන අතර සායන සඳහා පුරුෂයන් පැමිණීමේ අඩුවක් පවතින හෙයින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සායන සඳහා පැමිණෙන ලෙස වෛද්‍ය චමල් සංජිව සියලු ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටියි.

'වකුගඩු රෝගය රට පුරාම ව්‍යාප්තවෙලා'
වකුගඩු රෝගය මේ වන විට මුලු රට පුරාම ව්‍යාප්තව ඇති බවත් වසරකට අලුතින් රෝගීන් පන්දහසක් එක්වන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 12 වෙනිදා සවස වවුනියාවේදී පැවසීය.