ඉන්දුනීසියාවේ සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගමැති රනිල් ඉන්දුනීසියාවේ

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අගමැති ජොකෝ විදොදෝ හමු වී සාකච්ඡා පැවැත්වීය.

ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍ර තුළ පවතින අභියෝගතා ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.

දොළොස් වැනි ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය ඇමතීම සඳහා එහි ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දුනීසියානු ආණ්ඩුවේ නියෝජිතයන් සමගද සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු අමාත්‍ය ලුහට් බින්සාර් පැන්ජෙයිටන් හමු වී ඉන්දීය සාගර කලාපීය ගැට‍ළු සහ සාගර සංචාරක කලාපයක් ලෙස එය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංචාරකයන්ට ඉන්දුනීසියානු බෞද්ධ වෙහෙර විහාර පිළිබඳ අවබෝධයක් ලබා දීමටත්, ඉන්දුනීසියානු ගරුඬා ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමේ අවකාශය පිළිබඳවත් එහිදී සාකච්ඡා කළ බවත් එම නිවේදනයේ දැක්වේ.