රැළකින් තනි වී අන් රට සරනා

ඉන්දීය ඇතින්න බංග්ලාදේශ් භූමියේ
බංග්ලාදේශයට ඇතුල් වූ සිය ඇතින්නක් යළි ගෙන ඒම සඳහා ඉන්දීය වන සංරක්ෂණ අංශයේ නියෝජිත මණ්ඩලයක් ඩකා අගනුවරට යාමට නියමිතයි.
පසුගිය සතියේ ඇද වැටුණ ධාරානිපාත මෝසම් වැස්සෙන් ඇති වූ ගංවතුරත් සමඟ ඇතින්න දේශ සීමාව හරහා බංග්ලාදේශයට ඇතුල් වී ඇත.
ඇසෑම් ප්‍රාන්තයේ වනයේ ජීවත් වූ ඇතින්න මහවැසි මැද බ්‍රහ්මපුත්‍ර ගංගාවේ සැඩ පහරට හසු වී ඇති බවයි ඉන්දීය නිලධාරීන් පවසන්නේ.
සිය රැලෙන් තනි වූ ඇතින්න බලවත් චිත්ත පීඩාවට පත්ව බංග්ලාදේශ් ගම්වාසීන් සමඟ ගැටුම් ඇති කර ගත් බවක් ද වාර්තා වෙයි.

බ්‍රහ්මපුත්‍ර ගඟ ඔස්සේ වෙනත් දේශයකට
ඇය සිය රට ගෙන එන්නේ කෙසේද යන්න සැලසුම් කිරීම සඳහා නිලධාරීහු ක්ෂේත්‍ර චාරිකා කීපයක නිරත වූහ.