මල්රොන් පිරුණු දෙරණට කුමට මී පැණි එතෙරින් ?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මල්රොන් තිබේ නම් කුමට මී පැණි එතෙරින් ?

ලෝකයේ හොඳම මී පැණි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජෛව විවිධත්වය ශ්‍රී ලංකාව තුළ තිබුණද ජනතාව මී මැසි පාලනයට නැඹුරුවක් නොදක්වන බව ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන පවසයි.

බීබීසීයේ එස් එල් සෙනෙහෙධීර සමග අදහස් දක්වමින් ඇය පැවසුවේ සුළු කර්මාන්තයක් ලෙස මී පැණි නිෂ්පාදනය අරඹන්නේ නම් එය කෘෂි ව්‍යාපාරයක් ලෙස ගොවීන්ට විශාල අදායමක් ලබා දෙන අතරම විදේශයට යන අප රටේ ධනය ඉන් ඉතිරිකර ගත හැකි වන බවයි.

ශ්‍රී ලංකාව මී පැණි නිෂ්පාදනය සඳහා ඉතාම යෝග්‍ය පරිසර තත්වයක් සහිත රටක් වුවද ශ්‍රී ලංකාවට වසරකට මී පැණි ටොන් සියයක් පමණ ආනයනය කෙරෙන බවයි පැවසෙන්නේ.

පෞද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු හෙළිකළ ආචාර්ය යසන්තා මාපටුන සමග පැවති සාකච්ඡාවට ඉහත හඬපටයෙන් සවන් දෙන්න.