සංහිඳියාව ගොඩ නැගීම සඳහා නාට්‍ය කලාව යොදා ගත හැකිද?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංහිඳියාව: 'නාට්‍යය නම් හොඳයි, හැබැයි තේරුණේ නැහැ'

උතුරත් දකුණත් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා විවිධ සංවිධාන සහ කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල වේදිකා නාට්‍යය ඇතුළු කලා උළෙලවල් පැවැත්වෙයි.

එවැනි වේදිකා නාට්‍යයක් පසුගියදා යාපනයේ වීරසංහම් ශාලාවේ වේදිකා ගත විය.

සිංහල දෙබස් සහිත නාට්‍ය නැරඹීම සඳහා පැමිණි බහුතරයක් දෙනා දෙමළ කතා කරන රසිකයන් වූ අතර නාට්‍යයේ දෙබස් තේරුම් ගැනීමට අපහසු වූ බව ඔවුහු කියා සිටියහ.

මේ අතර පසුගියදා වව්නියාවේ නවගම ගම්මානයේදීත් දෙමළ දෙබස් සහිත වේදිකා නාට්‍යයක් වේදිකා ගත වූ අතර එය නැරඹීමට පැමිණ සිටි සියලු දෙනා සිංහල භාෂාව කතා කරන රසිකයන්.

'නාට්‍යය නම් හොඳයි පේන විදිහට. ඒ වුනාට ඔක්කොම තිබ්බේ දෙමළ භාෂාවෙන්. ඒ නිසා අපිට කිසි දෙයක් තේරුණේ නැහැ' ගම්වාසී එක් තරුණියක් කියා සිටියාය.

සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණින් උතුරේ වේදිකා ගත වන නාට්‍යය සඳහා භාෂා ගැටලුව බාධාවක් නොවේද?

සිංහල භාෂාව නොදන්නා අයකුට සිංහල දෙබස් සහිත නාට්‍යයක් පෙන්වීමෙන් කෙතරම් බලපෑමක් සිදු වේ දැයි යන්න විශ්‍රාමලත් කථිකාචාර්ය පී.බී සෙල්වරාජ් ප්‍රශ්න කරයි.

රාජ්‍ය සම්මානලාභි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන පරාක්‍රම නිරිඇල්ල කියා සිටියේ දෙබස් හරහා ගොඩ නැගෙන නාට්‍යය සඳහා භාෂාව සෑම විටම බාධාවක් වන බවයි.

කෙසේ නමුත් එවැනි නාට්‍යයකින් සංහිඳියා ගමනට ඇති කරන බලපෑම අධ්‍යක්ෂක පරාක්‍රම නිරිඇල්ල ප්‍රශ්න කරයි.

(''සංහිඳියාව ගොඩ නැගීම සඳහා නාට්‍යය කලාව යොදා ගත හැකිද?' යන්න පිළිබඳ බීබීසී සංදේශය වෙනුවෙන් දිනසේන රතුගමගේ කළ විමසුමක ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.)

සබැඳි විෂයයන්