ඉන්දියාවේ සහ පාකිස්තානයේ ගංවතුර තත්වයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සංරක්ෂිත ඡායාරූපයක්
දැඩි ගංවතුර තත්වය හමුවේ තමන් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටින බව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත් ගමක වැසියෝ පවසති.
ගංවතුර හේතුවෙන් සැපයුම් මාර්ග ඇනහිට ඇති අතර බලධාරීන් විසින් අත්‍යවශ්‍ය ආහාර ලබා දී නොමැති බවට ඔවුහු චෝදනා කරති.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ ප්‍රදේශ ගණනාවකට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබේ.
උතුරු ඉන්දියාවේ ගංගා ගණනාවක ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යමින් තිබෙන බව වාර්තාකරුවෝ පවසති.
ජලයෙන් යට වූ කරච්චි නුවර මාර්ගයක්
පාකිස්තානයේ විශාලතම නගරය වන කරච්චි නුවර අධික වර්ෂාව හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිට විසි දෙනකුට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
බලොචිස්ථානයේ ගංවතුරට හසු වූ මෝටර් රථ තුළ සිටි පුද්ගලයන් පස් දෙනකුවත් මරුමුවට පත් වී තිබේ.