පිරිමි මදුරුවන් වන්ධ්‍යකරණයෙන් ඩෙංගු නැසීමේ උත්සහයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පිරිමි මදුරුවන් වන්ධ්‍යකරණයෙන් ඩෙංගු නැසීමේ උත්සාහයක්

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවෙන් සහමුලින් තුරන් කිරීමේ පර්යේෂණයක් සිදුකෙරෙමින් පවතින බව කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ පරපෝෂවේද අධ්‍යයන අංශයේ මහාචාර්ය විමල ධර්ම අබේවික්‍රම පවසයි.

වන්ධ්‍යාකරණයට ලක්කළ පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැර ගැහැණු මදුරුවන් හා අභිජනනය වීමට සැලැස්වීමෙන් සමස්ථ ඩෙංගු මදුරුගහණය තුරන්කර දැමීමේ ක්‍රියාවලියක් මේ මගින් සිදුකෙරෙන බවයි බීබීසීයේ එස් එල් සෙනෙහෙධීර සමග සංවාදයකට එක්වෙමින් මහාචාර්යවරයා විස්තර කළේ.

මාරාන්තික ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා වසංගත තත්වයකින් පැතිර යමින් පවතින අතර මේ හේතුවෙන් මියගියවුන්ගේ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතී.

මදුරු කීටයන් සිටින ස්ථාන හිමිකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඩෙංගු රෝගය මර්ධනය කිරීමේ උත්සාහයක සෞඛ්‍ය බලධාරීන් යෙදී සිටිති.

කෙසේවුවද කෙටි කාලීන විසඳුමක් නොවුනත් ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය සහ මැලේරියා රෝග තුරන් කළා සේ වසර 2025 වන විට ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවෙන් සහමුලින් ඉවත්කිරීම මේ පර්යේශයේ අරමුණ බවයි මහාචාර්ය විමල ධර්ම අබේවික්‍රම සඳහන් කළේ.

මහාචාර්යවරයා සමග පැවති සම්පුර්ණ සාකච්ඡාවට ඉහත හඬ පටන් සවන් දෙන්න.