සංදේශය රැගෙන ආ කොවුලා නික්ම යයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' නික්ම යයි

  • 2016 අගෝස්තු 11

එල්මෝ ගේ කලා දිවිය ආරම්භ වන්නේ වේදිකා රංගනයෙනි. ඒ 1960 දී ඔහු උපන් මීගමුව පුරවරයේ වේදිකා ගත වූ නාට්‍යයකිනි.

1967 දී ඔහු ගුවන් විදුලියට විදුලියට සම්බන්ධ වන්නේ 'රේඩියෝ සිලෝන්' හි සහන නිවේදකයෙකු ලෙසිනි.

'ජර්මන් ජන හඬ' වැඩසටහන හරහා ජනාදරයට පත් වූ එල්මෝ වෙරිටාස් ගුවන් විදුලි සේවයට ද දීර්ඝ කාලයක් තම ප්‍රතාපවත් හඬ සහ නිර්මාණ දායකත්වය ලබා දුන්නේය.

1992 දී බීබීසීයට එක් වෙමින්, විශ්‍රාම යන තුරුම දශක දෙකක කාලයක් පුරා 'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' මාධ්‍ය මෙහෙවරේ යෙදී සිටියේය.

'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' යන යෙදුම පසු කාලීනව ඔහුගේ සන්නාමය බවට පත් විය.

ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මිය යන විට හැත්තෑ පස් වැනි වියේ පසු විය.

බීබීසී සංදේශයට ශ්‍රී ලංකාවේ සිට දායක වූ මාධ්‍යවේදීන් සිය ජ්‍යෙෂ්ඨ මාධ්‍ය හිතවතාට ගරු බුහුමන් දැක් වූ අවස්තාව දැක්වෙන වීඩියෝ පටය අපට ලබා දුන්නේ ප්‍රසාද් පුර්ණිමාල් ජයමාන්න යි.