එල්මෝට උපහාර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එල්මෝට සර්ව ආගමික උපහාර

දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ජගත් මාධ්‍යය ක්ෂේත්‍රයේ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු දිවි සැරිය නිම කරන ලද්දේ මහජන උපහාර මැදයි.

දේශපාලන ජාති හෝ ආගම් භේදයකින් තොරව ඔහුට උපහාරය පිණිස එක්රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකාය තුළින් සංකේතවත් කෙරුණේ එල්මෝගේ අව්‍යාජ අපක්ෂපාතී මාධ්‍යකරණයයි.

බීබීසි සංදේශය වෙනුවෙන් පුරා දශක දෙකකට අධික කාලයක් කැප වූ එල්මෝගේ වියෝව වෙනුවෙන් ශෝකය පළ කෙරෙන පණිවුඩ අපවෙත ලැබෙමින් පවතියි.

එල්මෝගේ මග පෙන්වීම යටතේ සංදේශය වෙනුවෙන් මාධ්‍යකරණයේ නිරත වන ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න එක්තැන් කළ වීඩියෝ පටයකි.