මහින්ද ආරක්‍ෂකයාගේ වත්කම් සොයා නඩු පහක්

Image caption අල්ලස් කොමිසමෙන් නඩු පහක්

වත්කම් සහ බැරකම් පිලිබඳ තොරතුරු රජය වෙත භාර නොදීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාරදීම සදහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හිටපු ආරක්ෂක ප්‍රධානි මේජර් නෙවිල් වන්නිආරච්චි වෙත අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම ඉදිරිපත් කල චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝග නිකුත් කළේ.

අල්ලස් කොමිසම නඩු පහක් ගොනු කරමින් කියා සිටින්නේ විත්තිකාර මේජර් නෙවිල් වන්නිආරච්චි 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාල සීමාව තුල සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ රජය වෙත භාරදී නොමැති බවයි.

එය වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ.

චෝදනා පත්‍ර සලකා බැලු අධිකරණය විත්තිකාර නෙවිල් වන්නිආරච්චිට සැප්තැම්බර් මස 28 වනදා අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්